සටහන්

Monday, October 21, 2019

සොඳුරු හැන්දෑව





කවි කතන්දර පවා
ආදරේ පාට වුණු 

අඳුරු බීරම පවා
ප්‍රේමයෙන් එළිය වුණු

සොඳුරු හැන්දෑ වරුම
කොච්චරක් තිබුණාද

නුඹේ ඔය උරිස්සෙම
හිතේ දුක මග හැරුණු

2019 ඔක්තෝබර් 21
- පොඩී -

කියවන්න...

Saturday, October 5, 2019

නිහඬ ආලය ❤️





වචනෙන් නොකීවත්
ආලය එක් දැනීමකි
දෑසක් කියවන්න
හැකි නම් දිග කතාවකි

ළං වී බැලූ මුත්
ගොලු වූ ඇස් බොහෝ ඇති
එහෙමත් වෙලාවක
නිහඬ වීමම පෙමකි 😌

හිතකට මෙතෙක් යැයි
යා දුර නම් නිමක් නැති
සෙනෙහස් දැනීමක
දිග පළලක් ලියා නැති

කොහොමත් පපු තුරේ
හිරි වැටිලා රැඳී ඇති
කී වචනෙට වඩා
ආදරයක් ගැඹුරු වෙති

- පොඩී -
2019 ඔක්තෝබර් 6


කියවන්න...

Thursday, July 11, 2019

ගින්දර







හැන්දෑවටත් වඩා 
උණුහුමයි උදේ ඉර

ගංදෑලටත් වඩා 
හීතලයි උඹේ හිත

මං කීවටත් වඩා 
ළඟ නිසා උඹව මට

රං තාම දන්නෙ නෑ 
තේරුමක් උඹෙන් තොර


ගින්දරක් වාගේම 
ඇවිලෙන්න ඕන මට

දරා ගන්නට නොහෙන 
උණුහුමට ලෝබ මම

ඒ උණුහුමෙන් පිහුණ 
උඹෙ හුස්ම වදිනකොට

සත්තකයි නිවෙන්නැති 
ගිණි අඟුර මගේ හිත

අවුලන්න සුපෙම්වත ❤️

- පොඩී -
2019 ජූලි 11

කියවන්න...

Tuesday, July 9, 2019

ආසම හීනය 💜️




නිමක් නැති කතාවක
අතරතුර හිනාවක
ඉනාවක් ගෑවිලා
තිබුණාලු වතාවක

මතුරාපු කවියකට
අකුරු පදරුත් දෙන්න
පුලුවන්ලු ළග පාත
වැටෙන එක හුස්මකට

ඔය හීන අස්සෙන්ම
ඔයා හොදටම ආස
හීනයක් තෝරලා
මං මගේ කර ගත්ත

- පොඩී -
2019 ජූලි 8

කියවන්න...

Thursday, July 4, 2019

දිලිහුණා ඇස් .....




කාලෙකට කලියෙනුත් දවසක
මායිමක් නැති හවස අහසක
දුකක කඳුළක බරට කළු වුණු
වළාකුළ ඉකි බිඳිනු ඇසුණා...

දරාගන්නට බැරිම තැනකදි
මහා වරුසාවක්ව ඒ දුක
ගලා ගෙන පිට වාන් බිඳ ගෙන
පොළෝ මතුයට කඩා හැළුණා...

දුකෙන් කළු වුණු අඳුරු මේඝය
හඬා වැටිලා නිවී යනකොට
හැංගිලා උන් පුංචි තරුවක
දිලිහෙනා ඇස් දෙකක් පෙනුණා...

සසර හුරුවක් වගේ හන්දා
අතට අත ගෙන ඇඟිලි බන්දා
නැතුව බැරි තරමටම ළං වී
ජීවිතේ හිස් තැනක් පිරුණා...

- පොඩී -
2018 සැප්තැම්බර් 21
කියවන්න...

Wednesday, June 12, 2019

ආදරේ කවි නිසා




කාලෙකින් නොලියවුණු පිටුවට
ඇස් අගිස්සෙන් වගේ එබුණම

හිටියේම නුඹම නොවැ හිතවත
ළඟ නොවුණු දින වලම කවි වුණ 

කාලෙකට කලින් ලිවුවා ලෙස
නුඹ ළඟින් ඉන්නකොට සඳවත

හිතුවිල්ල කවි වෙන්නෙ නැතුවට
හැම හුස්මකම ඇත්තෙ කවි හිත

දුර ඉන්න දවස් වැඩි වෙනකොට
ඉබේටම වගේ එලියට එන

කඳුළකට තෙමන්නට බැරුවට
ලියනවා පිටු ගනන් පෙම්වත

පොඩී
- 2019 ජුනි 12 -
කියවන්න...

Monday, March 11, 2019

දූලා ඉන්න තාත්තලා



පොඩි කාලෙ කර තියන් 
ගේ වටේ යන ගමන්
පාන්දර ඇහැරන්න
කී කතන්දර ගොඩක්

එතකොටත් 
ඇස් අරින්නට හොරෙන් 
හිස බදන්
නිදපු හැටි තව මතක තියේ 
හිස ඉඹිනකම්

රෑ අඳුර හිත බයෙන්
ගැහෙනකොට ළඟ ඉඳන්
පපුව උඩ හිස තියන් 
නිදි කරපු දින ගනන්

කන්නෙ නැති කරවිලත්
රහට අනලා හොරෙන්
කවන ලොකු බත් කටක
රහට තව හිත ලොබින්

තාත්තේ දුර වුණත්
දනිමි නුඹ මගෙ ළඟින් 
හිත හයිය සදන බව
අද වුණත් හෙට වුණත්
කියවන්න...
Designed By Blogger Themes