සටහන්

Tuesday, November 25, 2014

බඩගිනි කඳුළු.....


උන්ට ගඳ
උන්ගේ කුණු
අපිට සුවඳයි පුතේ
බත් සලක්
තිබුනොතින්
දවසටම 
ඇති පුතේ
උන්ගේ කටු
කකුල් වල
ඇමිනුනත් 
මයෙ පුතේ
ලොවන්නට එපා උඹ
ඔව්ව වහ වෙයි පුතේ
වදපු බඩ 
හොයාගෙන
යන්න බැරි මගේ අතේ
හැපුනාම 
මං කොහොම
නොදැක යන්නද "පුතේ"

-පොඩී-
2014 නොවැම්බර් 25

No comments:

Post a Comment

Designed By Blogger Themes