සටහන්

Tuesday, March 24, 2015

ඉරක් වුණු තනි තිත...


තනි ඉරක්
නුඹයි මමයි
අපි දෙන්නම
එක ඉරක් .....
කොහෙන්වත් ඇදයක් නැති
හරි කෙලින් කෝදුව තියලා
තුඩ හීනි පැන්සලකින්
නුඹේ කීමට 
මං ඇඳපු තනි ඉර ....
"පටන් ගන්න තැන මං ඉන්නම්"
"කැමති තරම් දිගට ඇඳපන්"
කිව්වාම නුඹ
ඉවරක් නැතුව 
තවමත් අඳින
කෙලින් ඉර
ඇල වෙලා පේනවලු දැන් !
තවම එතනම 
ඉඳන් දුර ඉන්න මං බලන
නුඹට....
ඉතින් මක් කරන්නද ?
මකන්නද 
ආයෙමත්
නුඹ ඉන්න ලක්ෂයට
එතකොට....
ආයෙමත් මුලට
තනි තිතට .
නුඹයි මමයි . 
එක තැන .
තනි තිතක් .
අපි දෙන්නම .

-පොඩී-
2015 මාර්තු 24

No comments:

Post a Comment

Designed By Blogger Themes