සටහන්

Sunday, February 16, 2014

පිරිත් පැන් වැස්ස නුඹ




ඉර ඇවිත් හිස මතට
සියොළඟම දවන විට
පවස නිවනට තිබුණු
පැන් පිරුණු දිය කඩිති
වියළිලා 
පැලි වළං පුපුරාපු 
පාර දිග
ගලාගෙනවිත් සැණින්
තෙමා පෙති ආදරෙන්
මියැදෙන්නට නොදී
සියපතට පණ පොවන
හිත නිවන
නෙත පිහින
පිරිත් පැන් වැස්ස 
නුඹ...


- පොඩී -
2014 පෙබරවාරී 16



No comments:

Post a Comment

Designed By Blogger Themes