කෑගහන හදවතක
ලේ ගලන උණුසුමට
පුළුවනිද නුඹලාට
දෙන්න A/C මැෂින්
වැදූ මව ඇස් දෙකින්
හැදූ පිය සියොළඟින්
ගලන දහදිය කදුළු
වලට මිල කියාපන්
සිනිදු සේලය ඔතන්
විල්ලු පලසක නිදන්
ඩොලර් මිටි ඇති උන්ට
ඩිග්රි ඇත අත ළඟින්
නෙතු කෙවිනි නිදි වරන්
කුසින් අඩකට කමින්
සරසවිය උරුම කල
සහතිකය හොරු අරන්
- පොඩී -
2011
No comments:
Post a Comment