තවම නූපන් මල් පොහොට්ටුව
තුරු රිකිල්ලක මුදුන්
දලු මැද
හිරු කිරණ නැග නැගෙනහිර
නුබ
මල් වරන තුරු හීන මැව්වා
ඈත අඳුරෙන් උපන් දෙබරෙක්
මෑත නොපිපුණ මලට ලොබ බැඳ
ලොවට සැඟවී අඳුරු වර ගෙන
මල් කිනිත්තේ ලැගුම්
ගත්තා
“ඉරට කලියෙන් පීදියන් නුඹ”
බසින් රවටා මල් සිඟිත්තිය
නිදන මල් පෙති එකින් එක
ගෙන
මුලින් උදුරා තලා දැමුවා
බලා නිසි කල පිපෙන විට
ඉර
තැලී පොඩි වී අහිංසක මල
කඳුලු හෙලමින් තනිව ගස
මුල
මියෙන්නට පණ අදිනු
දුටුවා
-පොඩී-
2014 පෙබරවාරි 28
No comments:
Post a Comment