සටහන්

Thursday, July 4, 2019

දිලිහුණා ඇස් .....




කාලෙකට කලියෙනුත් දවසක
මායිමක් නැති හවස අහසක
දුකක කඳුළක බරට කළු වුණු
වළාකුළ ඉකි බිඳිනු ඇසුණා...

දරාගන්නට බැරිම තැනකදි
මහා වරුසාවක්ව ඒ දුක
ගලා ගෙන පිට වාන් බිඳ ගෙන
පොළෝ මතුයට කඩා හැළුණා...

දුකෙන් කළු වුණු අඳුරු මේඝය
හඬා වැටිලා නිවී යනකොට
හැංගිලා උන් පුංචි තරුවක
දිලිහෙනා ඇස් දෙකක් පෙනුණා...

සසර හුරුවක් වගේ හන්දා
අතට අත ගෙන ඇඟිලි බන්දා
නැතුව බැරි තරමටම ළං වී
ජීවිතේ හිස් තැනක් පිරුණා...

- පොඩී -
2018 සැප්තැම්බර් 21

No comments:

Post a Comment

Designed By Blogger Themes