මනුස්සයෙකුගෙ වයස තීරණය වෙන්නෙ කාලයෙන් නෙමෙයි හිතෙන්. අවුරුදු 25ක් ජීවත් වුණු මනුස්සයෙක් හිතින් අවුරුදු 15යි නම් ඒක තමයි ඒ මනුස්සයගෙ හැබෑ වයස.
මොකද ඒ මනුස්සයගෙ ජීවිතේ ඇත්තටම තියෙන්නෙ අවුරුදු 15ක කතන්දර ටිකකුයි මතක ටිකකුයි විතරයි.
ඉතින් මේ මිනිහගෙ උප්පැන්නෙ 25ක් නාකියි කියල ඒ විදියට හිටු කියන්න පවු.
'මූට නාකි හුරතල්' කියල කින්ඩි දාන්නත් පවු.
හැබැයි මෙහෙම දේකුත් තියනවා. කාලයයි වයසයි එක රේල් පාරක පීලි දෙක උණාම අත්දැකීම් කියන්නෙ සිල්පර කොටන්.
පීලි දෙක ගාණට මිම්මට සමාන්තරව ගියොත් විතරයි සිල්පර කොටන් සීරුවට පරෙස්සමට ඇතිරෙන්නෙ. අන්න එහෙම වුණාම ජීවිතේ කෝච්චිය අවුලක් නැතුව ගමනාන්තෙට ළඟා වෙනවා.
සමහර කාල වලදි මිනිස්සුන්ට ජීවත් වෙන්න අමතක වෙනවා. එතකොට සිල්පර කොටන් මග ඇරෙනවා. එතනදී කාලයයි වයසයි දුරස් වෙනවා. රේල්පාර අවුල් යනවා. ජීවිතේ පීලි පනිනවා.
නරකම දේ ඒක නෙමෙයි. පීලි පැනීමේ හේතු ප්‍රත්‍ය හොයන් යද්දි මග ඇරුණු අත්දැකීම් ගැන දැනගන්න ලැබෙන එක.
එව්වා හාරා අවුස්සන්න ගිහින් කලකිරිලා හිතත් ලෙඩ වෙනවා.
ඉතින් හොඳම වැඩේ තමයි කෝච්චිය පීලි පැන්නත් සුල මුල හොයන්න යන්නෙ නැතුව කරේ තියන් හරි අන්තිම Station එකට යන එක.
මග ඇරුණු දේවල් මග ඇරුණා කියල මැරෙනකම්ම නොදැන ඉන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම වාසනාව.
-පොඩී-
2014 දෙසැම්බර් 29
No comments:
Post a Comment