ගොම්මන් කළුවර ඇහැරෙන්නට පෙර
අඟුළු දමන්නට බැරි වුණු කවුළුව
ඔහේ දමා යන උතුරු හුළඟකට
එන්නට දීලා මගෙ හිත් ගෙදරට
පරෙස්සමට කාටත් රහසේ මම
දල්වාගෙන උන් මගේ පහන් සිළ
දෙනෙත වසන සැනෙකින් දුවගෙන විත්
මරා දැමුවේ කිමද සුළඟ නුඹ
මියැදුණු එළියට යළි පණ නැතුවට
දැල්වුණු උණුසුම තාම දැනෙයි මට
කවුළුව අභියස නොහඩා තව නුඹ
එන්න සුළඟ ගෙට මතක බණයි හෙට
- පොඩී -
No comments:
Post a Comment