සටහන්

Tuesday, March 25, 2014

මළගම



අහස දරන මහ සෑයට
පුදපු පහන් වැටි ගානට
වඩින කෝටියක් දෙවිවරු 
අරක් ගනිපු මහ මලූවට

පාට පිරුණු හැන්දෑවට
හැඩ වී කණ කොක් පාටට
ඇව්ත් කියපු සෙත් කවි වැල්
තවම ඇහෙනවා සවනට

අකලට වියලූණු අත්තක
එල්ලීගෙන යාන්තමට
කෙඳිරි ගාපු බෝ කොළයක්
වැටී පොඩි වුණා දෙපයට

තුන් හිතකින් බෝ මුලකට  
වරදක් නැති වුණත් නුඹට
නුඹේ මතක බණ අහන්න
ඉන්නට පින් නැති වුණ හැටි


- පොඩීි -
 2014 මාර්තු 25



කියවන්න...

Saturday, March 15, 2014

පුහු දුන් ජීවිත



තනුවක් නැතිව 
තනිවම ගැයෙන 
නිසඳැස් කවිය
ජීවිතේ...
එළිවැට බඳින
බැම්මට නතුව
හිර වී හඬන  
ජීවිතේ...
බැමි බිඳ දමා
නිවනට ඇදෙන
මඟ දැන දැනත් 
ජීවිතේ...
ඒ මඟ මගැර
බැමි බැඳි මඟම
ලොබ වී දූවයි
ජීවිතේ...

-පොඩී-
2014 මාර්තු 15




කියවන්න...

Thursday, March 13, 2014

අනේ දොස්තර නොදුටු මොක්පුර



තවත් බොන්නට 
එපා කිව්වම
අනේ දොස්තර 
නොදුටු මොක්පුර

නැගිට ගන්නට 
බැරුව වැටුනම
අනේ දොස්තර 
මැරේවිද මම...


- පොඩී -
2014 මාර්තු 13


කියවන්න...

Tuesday, March 4, 2014

ගිම්හානය.....



මල් කිනිති ඉඟිකරන
මුතු පින්න නෙත් දොවන
ගුම් නදින් සර වැයෙන
සුන්දරම වසන්තය

නෑවිදින් ගියානම්
නුඹ මගේ ලෝකයට
දැනේවිද කිසිදාක
ගිම්හානයේ කඳුල 



- පොඩී -
2014 මාර්තු 04



කියවන්න...
Designed By Blogger Themes