සටහන්

Monday, October 13, 2014

විඳිමි නිවන.......



නිසසල නොවන සිතුවිලි මාලිගා මැද
තව දුර දුවන්නට ඇත මේ සසර මග
හිත සතපවා සදහම් මල් අසුන උඩ
මොහොතක් විඳින්නට හැක ඒ නිවන් සුව

-පොඩී-
2014 ඔක්තෝබර් 13


කියවන්න...

hand out එකක තිබී අහුලා ගන්නා ලද්දකි



අඳුරට හුරු වුණ
අකුරට බැඳී නෙත
විඩා නිවන්නට පෑයූ සඳවත
අමාවකට නාවත් හිත් අහසට
දනිමි දුරින් හිඳ එලිය සදන වග

-පොඩී-
2014 ඔක්තෝබර් 13

කියවන්න...

නාටකය.........



නුඹ
පවන් රැල්ලක එතී ආකහේ හිතු සේ
අයාලේ පාව යන වලා රොදක්
මම
නුඹ ඇවිත් ආයෙමත්
යන තුරා නිසලවම බලා හිඳිනා
ගුප්ත නිල අහසක්
ඇය
නුඹ වටා තනි නොතනියට හිඳ
ගී ගයා නිදහසේ නුඹ එක්ක හිනැහෙන
කිරිල්ලක්
ඔහු
දඟ පාන වලා රැල් දැක දැකත්
නුදුටුවා මෙන් පායා විත්
බැස ගියත් අයෙමත් නැග එන
ඉරක් හඳක්

අපි අපිටවත් අයිති නැති
අපිම වත් දන්නෙ නැති
නාටකයක් කට පාඩමින් රඟපාන
නළුවෝ ටිකක්....

-පොඩී-
2014 ඔක්තෝබර් 13


කියවන්න...

Friday, October 3, 2014

පසුව ලිවීම.......



ගිහින් එනවද ආයෙමත් නුඹ
නොකීවට වෙනදා වාගේ
ඇවිත් යනවද හිදින්නම් මම
මෙතන හැමදාමත් වගේ
හෙටත් පායයි ගිලුණු ඉර අර
පෙරදිගින් වෙනදා වගේ
ඉතින් එනවද හෙටත් මෙතනට
අරන් ළග ඇති හිත මගේ

-පොඩී-
2014 ඔක්තෝබර් 4

කියවන්න...

නියං හුළං........


දෑල දිග සුපිපුණු
දෑ සමන් මල් පෙති 
අපි ගියපු මග දිග
වැතිරිලා දුටුවද නුඹ
සොදුරු මල් ගොමු පිසගෙන
හමා ගෙන ගිය මඳ නල 
ඉතුරු වියලුණු කොළ ගලවගෙන
ඇවිත් රිදවයි 
මගේ කෙහෙ රැලි
අවුල් කරමින් 
නුඹ නැතිව
පන අදින 
මගේ හදවත

-පොඩී-
2014 ඔක්තෝබර් 4
කියවන්න...
Designed By Blogger Themes