සටහන්

Tuesday, March 31, 2015

නාකි හුරතල්



මනුස්සයෙකුගෙ වයස තීරණය වෙන්නෙ කාලයෙන් නෙමෙයි හිතෙන්. අවුරුදු 25ක් ජීවත් වුණු මනුස්සයෙක් හිතින් අවුරුදු 15යි නම් ඒක තමයි ඒ මනුස්සයගෙ හැබෑ වයස. 

මොකද ඒ මනුස්සයගෙ ජීවිතේ ඇත්තටම තියෙන්නෙ අවුරුදු 15ක කතන්දර ටිකකුයි මතක ටිකකුයි විතරයි. 

ඉතින් මේ මිනිහගෙ උප්පැන්නෙ 25ක් නාකියි කියල ඒ විදියට හිටු කියන්න පවු. 
'මූට නාකි හුරතල්' කියල කින්ඩි දාන්නත් පවු. 
හැබැයි මෙහෙම දේකුත් තියනවා. කාලයයි වයසයි එක රේල් පාරක පීලි දෙක උණාම අත්දැකීම් කියන්නෙ සිල්පර කොටන්. 

පීලි දෙක ගාණට මිම්මට සමාන්තරව ගියොත් විතරයි සිල්පර කොටන් සීරුවට පරෙස්සමට ඇතිරෙන්නෙ. අන්න එහෙම වුණාම ජීවිතේ කෝච්චිය අවුලක් නැතුව ගමනාන්තෙට ළඟා වෙනවා. 
සමහර කාල වලදි මිනිස්සුන්ට ජීවත් වෙන්න අමතක වෙනවා. එතකොට සිල්පර කොටන් මග ඇරෙනවා. එතනදී කාලයයි වයසයි දුරස් වෙනවා. රේල්පාර අවුල් යනවා. ජීවිතේ පීලි පනිනවා. 

නරකම දේ ඒක නෙමෙයි. පීලි පැනීමේ හේතු ප්‍රත්‍ය හොයන් යද්දි මග ඇරුණු අත්දැකීම් ගැන දැනගන්න ලැබෙන එක. 
එව්වා හාරා අවුස්සන්න ගිහින් කලකිරිලා හිතත් ලෙඩ වෙනවා. 

ඉතින් හොඳම වැඩේ තමයි කෝච්චිය පීලි පැන්නත් සුල මුල හොයන්න යන්නෙ නැතුව කරේ තියන් හරි අන්තිම Station එකට යන එක. 

මග ඇරුණු දේවල් මග ඇරුණා කියල මැරෙනකම්ම නොදැන ඉන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම වාසනාව.


-පොඩී-
2014 දෙසැම්බර් 29
කියවන්න...

රොබෝරෝසියා මැරිලාය ....



රොබෝරෝසියා මැරිලාය ....
මොහොතකට 
නෙතින් දැක
හිතින් පෙම් කළ හන්තාන
අඳුරු සළුවෙන් වැසිලාය
සූහසක් නෙතු 
හැඬු දුකට
මිය ඇදුණු 
මල් පෙති එක්ක
රොබෝරෝසියා මැරිලාය....

-පොඩී-
2014 දෙසැම්බර් 19

කියවන්න...

අද හෙට අතර රික්තකය ...



මට යා නොහැක
හෙට යලි එන තුරු වත්
මට යන්නට අවැසි නැත
ඒ ඇලීම නම්
මම 
ඇලීමට ඇලුම් කරමි
ඉතින් 
මම යමි
අදත් හෙටත් අතර 
හිස්තැනක් වත් නොවේවායි පතමින්
මම යමි
ඒ රික්තකය තුල 
මම හිර නොවන බව දැන දැනත්
මම තැවෙමි
ඒ ආදරය නම්
මම ආදරයට ආදරය කරමි

-පොඩී-
2014 දෙසැම්බර් 19

කියවන්න...

Tuesday, March 24, 2015

ෆැන්ටසි ප්‍රේමය....



මට 
පාට පාටට පෙනෙන
නුඹ
එකම පාටට දකින
මං 
පාට ගැන කිව්වාම
නුඹ
පාට දුටු සේ රඟන
දැනෙන උපරිම 
ඉරට  ඉහලින්
තව හුඟක් 
දැනෙන
පාට නැති 
සින්තටික්
ෆැන්ටසිය
ප්‍රේමය

-පොඩී-
2015 මාර්තු 24

කියවන්න...

ඉරක් වුණු තනි තිත...


තනි ඉරක්
නුඹයි මමයි
අපි දෙන්නම
එක ඉරක් .....
කොහෙන්වත් ඇදයක් නැති
හරි කෙලින් කෝදුව තියලා
තුඩ හීනි පැන්සලකින්
නුඹේ කීමට 
මං ඇඳපු තනි ඉර ....
"පටන් ගන්න තැන මං ඉන්නම්"
"කැමති තරම් දිගට ඇඳපන්"
කිව්වාම නුඹ
ඉවරක් නැතුව 
තවමත් අඳින
කෙලින් ඉර
ඇල වෙලා පේනවලු දැන් !
තවම එතනම 
ඉඳන් දුර ඉන්න මං බලන
නුඹට....
ඉතින් මක් කරන්නද ?
මකන්නද 
ආයෙමත්
නුඹ ඉන්න ලක්ෂයට
එතකොට....
ආයෙමත් මුලට
තනි තිතට .
නුඹයි මමයි . 
එක තැන .
තනි තිතක් .
අපි දෙන්නම .

-පොඩී-
2015 මාර්තු 24
කියවන්න...
Designed By Blogger Themes