තරු ලකුණෙන් ලකුණ තියා
තුටින් පිරුණු හෙටක් සොයා
මට යන්නට මග හදන්න
නුඹ මිස නැත අන් සවියක්...
නිදිමත ඇස් මතින් ඔයා
උණුහුම් සුසුමන් අතුරා
මවන හීන මට්ටම් කර
හැඩ කරනා අරුම ඉතින්...
හිතට වඩා ගතට දැනෙන
මාන්සියට තිත තියන්න
කාන්සියට මගේ හිතේ
ළග පාතක නොම රැදෙන්න....
නුඹ තනනා මග දිනන්න
සවි නෑ මට තනිව යන්න
අත් අල්ලන් ළගින් යන්න
හිටියොත් ඇති මේ වගේම ...
- පොඩී -
2018 මාර්තු 29
- පොඩී -
2018 මාර්තු 29