සටහන්

Monday, March 11, 2019

දූලා ඉන්න තාත්තලා



පොඩි කාලෙ කර තියන් 
ගේ වටේ යන ගමන්
පාන්දර ඇහැරන්න
කී කතන්දර ගොඩක්

එතකොටත් 
ඇස් අරින්නට හොරෙන් 
හිස බදන්
නිදපු හැටි තව මතක තියේ 
හිස ඉඹිනකම්

රෑ අඳුර හිත බයෙන්
ගැහෙනකොට ළඟ ඉඳන්
පපුව උඩ හිස තියන් 
නිදි කරපු දින ගනන්

කන්නෙ නැති කරවිලත්
රහට අනලා හොරෙන්
කවන ලොකු බත් කටක
රහට තව හිත ලොබින්

තාත්තේ දුර වුණත්
දනිමි නුඹ මගෙ ළඟින් 
හිත හයිය සදන බව
අද වුණත් හෙට වුණත්
කියවන්න...

Friday, March 8, 2019

පාළුව ❤️





කලකට පළමුව
නෙත දුටු සිහිනය
නුඹ ළඟ පියවී
නුඹ ළඟ ඇහැරෙන 😌


සදහට පියවෙන
දින මතු නොනිමෙන
එකමෙක පැතුමයි
මා නෙතු සතු වන 💑


උරහිස ඇල වෙන
මොහොතට ගැස්සෙන
හදවත ගාවට 
හරියට යාවෙන ❤️


දෙසවන ලොබ බැඳි
මිහිරැති හද සර
දිනයෙක අවසන
සෙත් කවියක් වුණ 😌


ටික ටික ලොකු වුණ
වයසට ගැලපෙන
ඇස් කන් නැති හැටි
පාලුව උහුලන 😪



ඉකිලන දෙසවන
බිහිරිව තනිවෙන
කොහොමද වයසට 
මෝරන්නේ මම 😓



පොඩී 
2019 මාර්තු 8
කියවන්න...

Sunday, March 3, 2019

නුඹත් කන්දක් වෙයන් ...






කඳු කියන්නෙම අමුතු තැන්

මහ පොළව
නිල් අහස
දෙකොන් කරලා තියපු


මැවුම්කාරයින්ටත් 
අභියෝගයක් දීපු


උඩ පැනල 
ආකහේ අල්ලන්න ගට තිබුණු


පොළවේම හිත හයිය පුදුම තැන්


පැය ගනන් දුර ගෙවන්
අකුර උගනින පුතුන්


උඹලාත් කඳු වෙයන් !!!

ආකහේ අල්ලන්න
අකුර සවියක් කරන් 😌

- පොඩී -
2019 මාර්තු 3




කියවන්න...
Designed By Blogger Themes