සටහන්

Thursday, July 11, 2019

ගින්දර







හැන්දෑවටත් වඩා 
උණුහුමයි උදේ ඉර

ගංදෑලටත් වඩා 
හීතලයි උඹේ හිත

මං කීවටත් වඩා 
ළඟ නිසා උඹව මට

රං තාම දන්නෙ නෑ 
තේරුමක් උඹෙන් තොර


ගින්දරක් වාගේම 
ඇවිලෙන්න ඕන මට

දරා ගන්නට නොහෙන 
උණුහුමට ලෝබ මම

ඒ උණුහුමෙන් පිහුණ 
උඹෙ හුස්ම වදිනකොට

සත්තකයි නිවෙන්නැති 
ගිණි අඟුර මගේ හිත

අවුලන්න සුපෙම්වත ❤️

- පොඩී -
2019 ජූලි 11

කියවන්න...

Tuesday, July 9, 2019

ආසම හීනය 💜️




නිමක් නැති කතාවක
අතරතුර හිනාවක
ඉනාවක් ගෑවිලා
තිබුණාලු වතාවක

මතුරාපු කවියකට
අකුරු පදරුත් දෙන්න
පුලුවන්ලු ළග පාත
වැටෙන එක හුස්මකට

ඔය හීන අස්සෙන්ම
ඔයා හොදටම ආස
හීනයක් තෝරලා
මං මගේ කර ගත්ත

- පොඩී -
2019 ජූලි 8

කියවන්න...

Thursday, July 4, 2019

දිලිහුණා ඇස් .....




කාලෙකට කලියෙනුත් දවසක
මායිමක් නැති හවස අහසක
දුකක කඳුළක බරට කළු වුණු
වළාකුළ ඉකි බිඳිනු ඇසුණා...

දරාගන්නට බැරිම තැනකදි
මහා වරුසාවක්ව ඒ දුක
ගලා ගෙන පිට වාන් බිඳ ගෙන
පොළෝ මතුයට කඩා හැළුණා...

දුකෙන් කළු වුණු අඳුරු මේඝය
හඬා වැටිලා නිවී යනකොට
හැංගිලා උන් පුංචි තරුවක
දිලිහෙනා ඇස් දෙකක් පෙනුණා...

සසර හුරුවක් වගේ හන්දා
අතට අත ගෙන ඇඟිලි බන්දා
නැතුව බැරි තරමටම ළං වී
ජීවිතේ හිස් තැනක් පිරුණා...

- පොඩී -
2018 සැප්තැම්බර් 21
කියවන්න...
Designed By Blogger Themes