සටහන්

Friday, May 16, 2014

නුඹ සොයා ඉගිලෙන්න......

ලෙංගතු හිතළඟ 
ඉස්සර  වාගෙම 
පිං පුරවන  
බෝසත් කම පිරිලා 

මං ළඟ නැතුවට
ඇස් දෙක වැහුවම 
හමනව නුඹෙ
සුසුමන් නෙතු විියළා

පෙම්බර සත්තයි 
හිතෙනව එන්නට
නුඹව හොයාගෙන
මොහොතින් පියඹා

අත්තටු දෙනවද 
පිං කළ දෙවිඳුනි 
ඔහු ළඟ නැවතුනු
මගෙ හිත හොයලා

-පොඩී-
2014 මැයි 17


No comments:

Post a Comment

Designed By Blogger Themes