අත් දෙක නැතුව ඉපදුණා කියලා කුසින් වදාපු දරුවා එපා කියපු අම්මෙක්ගෙයි අප්පෙක්ගෙයි කතාව ලියන්න ඕන නෑමයි කියලා හිතං උන්නු සිද්දියක් ආය මතක් කලා....
ඒත් අම්මෙක්. දරු තුන් දෙනෙක්ගෙ අම්මෙක්.තාත්තත් යන්තමට එදා වේල හොයාගන පවුලම ජීවත් කරවනවා. තුන් වෙනි දරුවා බොහෝම අසාමාන්‍යයි. පෙනුම විතරක් නෙමේ තනියම කිසිම දෙයක් කරකියාගන්න බැහැ.වයස දැන් 14ක්. ඒත් ඉන්නෙ අම්මගෙ අතේ.
කවන්න පොවන්න ඕන. රිදෙනවා කියන්න වත් තේරුමක් නැහැ. ඒත් අම්ම නම් දන්නවා.දරුවා රිදෙද්දි මූන කොහොමද කියලා. දරුවට හුගාක් දුර්ලභ අසනීපයක්.
'ඉපදෙද්දි මිනිස්සු බලන්න ආවෙ ඔලු දෙකේ ළමයෙක් ඉපදිලා කියලා. ළගටවත් එන්නෙ නැතුව ඈත ඉදන් බලලා යනවා. මාත් කෑ ගහලා ඇඩුවා.ඒත් මගේ දරුවනේ නෝනා.මට වටිනවා.කොහෝම හරි අපි මෙච්චරක් කල් ජිවත් කරගත්තා.දැන් අපි තුන් දෙනාගෙම පණ තමයි මේ. මං දන්නවා මීට වඩා දරුවගෙ දියුණුවක් වර්ධනයක් නෑ කියලා. ඒත් මේ මගේ කුසින් උපන් පැටියනේ නෝනා'
අම්මා එහෙම් කියන්නේ කදුලු පුරෝගෙන. හැබැයි හරි ලස්සන හිනාවකුත් එක්ක.ඔව් ඒ පවුලම දරුවට පන වගේ ආදරෙයි.
'අක්ක තමයි මෙයාගෙ අම්ම. මට වඩා හොයනව බලනව. අයියා ඉස්කොලෙ යන එක නැවැත්තුවා.තාත්ත එක්ක හම්බ කරනවා. චූටි පුතාව ඉස්පිරිතාලෙ ගේන්න ත්‍රී වීල් එකක් ගත්තා ළගදි.අපිට මෙයා කරදරයක් නෙමේ.මං ඉන්න කල් මෙයා ජීවත් කරගන්නයි මට ඕන.'
ඒ අම්මා විතරක් නෙමේ මුලු පවුලම ඒ පොඩි එකා වෙනුවෙන් ජීවිත කැප කරලා. පොඩි කාලයක් නෙමේ.අවුරුදු 14 ක් තිස්සෙ.
මේ වගේ මනුස්සකම් පිරිච්ච මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද කියලත් සැකයි නේද.
ඒ දරුවා මෙච්චරක් කල් ජීවත් වෙන්න හේතුව ඒ අම්මගෙ තාත්තගෙ බෝධිසත්ව කම.
අත පය හතර හොදට තියන දරුවොත් කුසින් වදලා මග දාලා යන ලෝකෙ මේ අම්ම හරි උතුම්.
-පොඩී-
2015 අගෝස්තු 20
No comments:
Post a Comment