පුංචි පැටව් තමයි මේ ලෝකෙ ඉන්න නිදහස්ම චරිත. හිතේ හැටියට මොර දීල දගලල කෑගහල බිම පෙරලිලා අඩනව. හූ කියල කදුලු ඇවිත් කම්මුල් රෝස වෙලා ඉක්ක වැටෙනකම් හිනා වෙනව... මොන තරම් නම් නිදහසක්ද ඒක !!!! 😌😌😌
අම්ම තුරුල්ලෙ නැලවෙන කාගෙත් හුරතලේ කාලෙ ඔය කරන කියන කිසි දේකට කාගෙවත් තහංචි නෑ...
ටික ටික දනගාගෙන නැගිටිද්දි දිව පැටලි පැටලි වචනයක් දෙකක් අමුණගන්න හදද්දි ඔන්න පටන් ගන්නව වැඩිහිටි ප්‍රතිරෝධ !!
උන්ගෙ ඔලුවල කලින් පරම්පරා ගණනාවක් පුරුද්දට වගා කරපු කුණු ජරාව අර පිරිසිදු ඔලු වලට ඔබනව.
ටික ටික දනගාගෙන නැගිටිද්දි දිව පැටලි පැටලි වචනයක් දෙකක් අමුණගන්න හදද්දි ඔන්න පටන් ගන්නව වැඩිහිටි ප්‍රතිරෝධ !!
උන්ගෙ ඔලුවල කලින් පරම්පරා ගණනාවක් පුරුද්දට වගා කරපු කුණු ජරාව අර පිරිසිදු ඔලු වලට ඔබනව.
''අපෝ අඩන හැටි කෙල්ලෙක් වගේ. කොල්ලො අඩන්නෙ නෑ පුතා ඔහොම"
"කොල්ලෙක් නේද හොටු හූරගෙන අඩන්න නම් ලෑස්ති වෙන්නෙපා හොදද"
නිතර අහන්න ලැබෙන කතාවක් නේද. වැඩිපුරම පෙර පාසල් වලදි, ඉස්කොලෙ පළවෙනි දෙවනි පංති වලදි, ගෙදරදි ඔහොම ගියාම ලොකු පංති වලට යනකම්ම දෙනව සීල් එකක් " කොල්ලො අඩන්නෙ නෑ" පොඩි කාලෙම ඔලුවට දාන්නෙ "අඩන එක කොලු කමට ගැලපෙන්නෙ නෑ. ලැජ්ජයි" 😟😟😟
ඔයා නිකමට හිතල බලන්න ඔයා වුණත් පුරුද්දට වගේ ඔය කතාව කොච්චර නම් කියල තියනවද කියල... සමහරවිට කිසිම නරක අදහසකින් නෙමෙයි. ඇහිල පුරුද්දට කියවෙනව. වෙලාවකට අඩන බබ්බු නලවගන්න පවා නේද ? 🙍🙍🙍
ඇයි කොල්ලන්ට අඩන්න බැරි ??? ඇයි උන්ට හැගීම් දැනීම් නැද්ද ?? ඒව කදුලු කරල පිට කරගත්තම දැනෙන නිදහස උන්ට අකැපද ???
මෙහෙමයි ස්වභාවයෙන්ම ගෑනු සිනිදුයි පිරිමි රලුයි කියල කියන කතාවෙ ඒ ගෑනු කම පිරිමි කම තීරණය කරන හෝමෝන වල බලපෑමක් නැතුවාම නෙමෙයි.
හැබැයි අඩන එක පිරිමින්ට ලැජ්ජයි කියන එක හදාගත්තෙ අපි. පොඩි උන්ගෙ ඔලුවට ඒක එබුවෙ අපි.ඒද එක්ක පිරිමින්ට මෝරන්න දීල ඕක පරම්පරාගත කලෙත් අපි.
ඉතිං මොකද්ද ඕකෙ වැරැද්ද ?? සමහර වෙලාවට හිතේ තියන හැගීම් පිට කරගන්න බැරි වෙන එක මාර අමාරුයි නේද. පොඩීට නම් එහම වෙලාවට ඇස් උදව් වෙනව. ඒව එකතු කරල කදුලු ගුලි ගුලි වල දිය කරල ඇස් වලින් එලියට විසික්ක කරල හිතට නිවනක් හොයල දෙන්න... 🤗🤗🤗
ඒ පහසුවට මං නම් හරී ආසයි. දුකටම නෙමෙයි. සතුටට කේන්තියට ඔය කෝකටත් පොඩී අඩනව.... 😌😌😌
හැම මගුලටම අඩාගන්න කියනව නෙමෙයි. හැබැයි ඕන වෙලාවට කදුලක් හලන්න ගෑනියෙක්ට වගේම පිරිමියෙක්ටත් නිදහස තියෙන්න ඕන කියල පොඩීට හිතුන.
ඒක ඒ මනුස්සයගෙ පෞරුශත්වෙ ගැන ප්‍රශ්නයක් කරගන්න නරකයි. මොකද එහෙම හැගීම් හිර කරගන්න එකෙන් ඒක පිට කරන්න වෙන මොකක්ම හරි ක්‍රමයක් හොයන්න වෙනවනෙ ඉතිං...
ඔයා කොල්ලෙක් නම් නිකම් හිතල බලන්න පොඩි වයසෙදි ඔහොම කීවම දැනෙන ලැජ්ජාව... ඒකයි මං කියන්නෙ පොඩි උන්ට උන්ගෙ නිදහස දෙන්න. පොඩි උන්ට විතරක් නෙමෙයි කාටත්. ගෑනු පිරිමි හැම මනුස්ස ප්‍රාණියටම. ...
- පොඩී -
2018 අප්‍රේල් 12
No comments:
Post a Comment