පෙම්වත....
නුඹට දුර ඇති
කදු මුදුන් වෙති
එවන් මුදුනක
තුරු වදුලු වෙති
කාටවත් නැති
එවන් තුරු වල
රිකිලි කොන් වල
මල් පොකුරු ඇති
හිතවත....
කොතෙක් පාමුල
ඉදන් බැලුවත්
නෙතට නොගැටෙති
එවන් මල් ඉති
අපට හිත ඇති
නමුත් දුර වෙති
පාත් නොම වෙති
නිසල කදු වැටි
ඉතින් පෙම්වත.....
මෙතෙක් යැයි අපි
අතැර පාවෙන
වළාකුළු වල
අහස දුර ඇති
කවක් නොලියා
නොහැරියොත් අපි
උනුන් දුක් වෙති
තනිව මියැදෙති
මමත් එවැනිම
හුදකලා වූ
දුරම කන්දක
මලක් වී ඉමි
කවිහිත.....
නුඹ ලියූ කවි
වළාකුළු වල
හැපි හැපී කියවා
සිඹින්නෙමි
නුඹේ සෙනෙහස
එසේ විදගමි
මතුම භවයෙදි
නුඹේ පා ළග
නිදන නිදිකුම්බා
මලක් වෙමි
තුරු හිසක දුර
කිනිති නොම වෙමි
ළංව ඇති විට
දෙනෙත් පියමින්
නුඹේ පහසම
විදිමි සැනහෙමි
එයම පතමින්
මියෙමි පරවෙමි
උසම කන්දක
හඩමි වැලපෙමි
- පොඩී -
2018 අප්‍රේල් 6
No comments:
Post a Comment