ආදරේ කියන්නෙ මොකක්ද මොකක්ද කියලා හොයන් යද්දි අපිට ඒ තනි වචනෙට පොතක් ලියන්න තරම් දිග තේරුම් මුණ ගැහෙනව. එච්චරක් නෙමේ සමහර සිද්දි නිසා හිතාගෙන ඉන්න දේවල් වෙනස් වෙනවා. ප්‍රතිපත්ති අලුත් කරන්න වෙනවා. වෙනස් විදියට ජීවිතේ පිළිගන්න සිද්ද වෙනවා.
ඔය හැමේකක්ම අතරේ අපි තැනක නතර වෙනවා..
එතන ජීවිතේට පහසුවක් දැනෙන තැනක්. ජීවත් වෙන්න හිතෙන තැනක්. බලාපොරොත්තු වලට හීන වලට පාට පොවන තැනක්.
ආං ඒ තැන හම්බෙන්නෙ නම් අහම්බෙන් කියලා මං දැනගෙන හිටිය. හැබැයි ඒ ඔයා වෙයි කියලා අවුරුදු තුනකට කලින් නිකමට වත් හිතුනේම නෑ..
ඔව් දැන් අවුරුදුම තුනක් වෙන්න එනවා.. මගේ දිග කතන්දරයි.. ඔයාගෙ වචන නැති ඇස් වලිනුයි හුස්ම වලිනුයි පිරුණු කතන්දරයි පිරුණු අපේ පොත දැන් හරි ලොකුයි.. ආපහු පෙරල පෙරලා බලද්දි මොකක්ද සතුටක් දැනෙනවා..
සමහර තැන් වල කදුළු නැතුවාම නෙමෙයි.. ඒත් මේ ආපු පාර ලස්සනයි.. තව හුගක් දුර හදන් යන්න පුලුවන් කියලා Life Time Warrenty යක් දෙන්න පුලුවන් උඩ පැනලා කරණමකුත් ගහලා...
මං ලියුම් ලිව්වෙම නෑ. එකක් ලිව්වද මන්ද.. ලියපුවත් හැංගුවා.. නැත්නම් පිච්චුවා... ඇයි ලියල හංගන්නේ ?? කීප දෙනෙක්ම අහල තියනවා..
හංගපු ලියුම් මතක මතක හැටියෙන් ලියල දාන්න හිතුවා.. ;)
දූවිලි පිහලා සුද්ද බුද්ද කරලා ගත්තම හචිස් දෙක තුනකින් නවතින්නේ නෑ .. අහේතුවට ඇස් දෙකත් චුට්ටක් තෙමෙනවා...
ගෑණු සතුටටත් අඬනවා... දුකටත් අඬනවා... කඳුළු කියන්නේ එහම දෙයක් Hybrid ;) User Friendly...
එදා අහස අඬනවා... දිගටම අඬ අඬා හිටපු එකියෙක් ' මේ මං අඬන්නේ නෑ' කියලා විරිත්තුවා... හැබැයි අහස දැනන් හිටියා මේකි දැන් ඇඩුව ඇති කියලා. ඉතිං ගහක් අයිනේ පාරක් අයිනේ වැවක් ළඟට තරුවක් ගෙනල්ල අහස අලුත් කතාවක් ලියන්න ගත්තා.
ඒක ලස්සන පටන් ගැන්මක්.. අහසක්, වතුරක්, ගහක්, තරුවක් ඔය ඔක්කොම එක තැන කියන්නේ ඉවරක් නැති මහා නිදහසක් ! නිවනක් ! ආදරයක් !
-පොඩී-
2016 සැප්තැම්බර් 11
No comments:
Post a Comment